෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2019/01/23

~~සුදු මැණික~~


"අඩන්න එපා සුදු මැණික..."
  "දැන් ඇඩුවා ඇති නේද........" ..මම කිව්වෙ දහස් වෙනි වතාවට වෙන්න ඇති...වෙනද වගේනම් නෙවෙයි අද සුදු මැණික ගොඩක් හිතුවක්කාර වෙලා.......
මං කවදාවත් කැමති උනේ නෑ සුදු මැණිකගෙ කදුලු දකින්න.....ඒත් ඒ කදුලු වලට හේතුව වුනෙත් මං....
..........................................................................
"සුදු මහත්තයෝ....කවදාවත් මේ අහිංසක හිතට දුකක් දෙන්නෙ නෑ නේද....හැමදාම ආදරෙන් මාව බලගන්නවා නේද..මගේ මුලු ජීවිතේම දැන් ඔයා විතරයි..."
      ඒ මම ජීවිතේ මුල්ම පාරට ආදරවන්තයෙක් වුන දවස..මං අවුරුද්දක් විතර කට්ටක් කෑව ඕක අහගන්න....
මට ඕන ආදරේ ඒ දුප්පත් අහිංසක ඇස් දෙකේ ඕන තරම් තිබ්බා...
  "ඔව් සුදු මැණික ඔයා මගේ...මගේ මුලු ජීවිතේම ඔයා..කදුලු දෙන්නෙ නෑ ඔය ඇස් දෙකට කවදාවත්....."
පොරොන්දු වුනේ ඒ විදියට....අහිංසක හිතක ආදරයක් හොයපු මට සුදු මැණිකගෙ ආදරේ ඉස්සරහ වෙන කිසිම දෙයක් මතක් වුනේ නෑ..
   

2012/07/16

සන්සාර සාගරේ......

"ඔයා, මං, මේ සන්සාරෙ පුරාවට කොයි තරම් නම් හමු වෙන්න ඇතිද.කොයි තරම් නම් වෙන් වෙන්න ඇතිද. මේ මුලු සන්සාරෙත් හරියට මහා සාගරය වගේ.ඒ තරම් ගැඹුරුයි. ඉමක් කොනක් පේන තෙක් මානයක නෑ.හුහාක් දේවල් සඟවගෙන බොහෝම ගුප්ත විදියට ඉන්නවා......
  මමත් හරියට ඒ සාගරයෙ පුන්චිම පුන්චි යත්‍රාවක් පදවන නැවියෙක් වගේයි.ඒත් ඒ යත්‍රාව පදවන්න මට අරමුණක් දුන්නෙ ඔයා.. ඔව්... ඔයා නිසාමයි මං මඟේ මේ පුන්චි යාත්‍රාව පදවන්නෙ.......
එත්..... මේ ඉමක් කොනක් නැති මහා සාගරයෙ ඔයා ඉන්නේ කොයි ඉසව්වෙද කියල මං කොහොම කියල හොයා ගන්නද,

2012/07/15

පහන් තරුවක ගැයුම..

හැමදාම අරුණැල්ලෙ
පහන් තරුවක් විලස
මම උන්න නුඹ ලගම
හිරු කුමරුනේ...

2012/07/14

හද ඇවිල්ලූ නුඹට........

නුඹ පහනෙකැයි 
නොනිමෙන
සිතා දැල්වුයෙමි මම ...
ලබන්නට 
අදුරැ හද පාමුල
එළිය.......
නොසිතුවෙමි
අවුලාවියැයි 

අදුරැ හද......

මහ වරුසාවට පසුව නෑගෙන සඳ....




මහා වැස්සක් වැහැලා කළුවෙලා තිබුණු මුළු අහසම දැන් නිල් යායක්.ඒ අහස් කුසේ පුන්සඳ පායලා වෙනදාටත් වඩා එළිය දෙනවා.පුංචි පුංචි දේටත් නෝක්කාඩුවෙන නුඹේ හිත පණටත් වඩා ආදරය දෙනවා කියලා මම දන්නවා. නෝක්කාඩුවට පස්සේ ඉගිකරන නුඹේ ඔය මුහුණු ඒ සඳ එළියටත් වඩා මට එළියයි.ඉතිං සැකක් බියක් ඇති වුණත් නුඹ වෙනුවෙන් මගේ හදේ ප්‍රේමය හැමදාමත් පිවිතුරුයි.

මහ වරුසාවට පසුව නෑගෙන සඳ
වෙනදාටත් වෑඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වෑඩියෙන් එළියයි  . . .

අපේ වෙනත් අඩවි