෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/07/16

සන්සාර සාගරේ......

"ඔයා, මං, මේ සන්සාරෙ පුරාවට කොයි තරම් නම් හමු වෙන්න ඇතිද.කොයි තරම් නම් වෙන් වෙන්න ඇතිද. මේ මුලු සන්සාරෙත් හරියට මහා සාගරය වගේ.ඒ තරම් ගැඹුරුයි. ඉමක් කොනක් පේන තෙක් මානයක නෑ.හුහාක් දේවල් සඟවගෙන බොහෝම ගුප්ත විදියට ඉන්නවා......
  මමත් හරියට ඒ සාගරයෙ පුන්චිම පුන්චි යත්‍රාවක් පදවන නැවියෙක් වගේයි.ඒත් ඒ යත්‍රාව පදවන්න මට අරමුණක් දුන්නෙ ඔයා.. ඔව්... ඔයා නිසාමයි මං මඟේ මේ පුන්චි යාත්‍රාව පදවන්නෙ.......
එත්..... මේ ඉමක් කොනක් නැති මහා සාගරයෙ ඔයා ඉන්නේ කොයි ඉසව්වෙද කියල මං කොහොම කියල හොයා ගන්නද,

අනේ ප්‍රදීපගාරයක එලිය දලවලා හරි ඔයා ඉන්න ගොඩබිමක මං ලකුනක්  මට කියන්න ඔයාට පුලුවන්නම්.... එහෙම කියලා,
මං නැන්ගුරම් ලා නවතින්න ඔනි තැන ඔයා බලන් ඉන්නවනම්...
ඒ මං ලකුන දිගේ මන් එන හැටි බලන් ඉදල මාව ආදරෙන් පිලිගන්නවනම්.....
මීට පස්සෙ, සන්සාර සාගරේ මේ දුර්ග මාවතේ මගේ මේ පුන්චි යාත්‍රාව පදවන්න ඔයත් මාත් එක්ක එනව නම්.............."
 සන්සාර සාගරේ..
 ජීවිතේ යාත්‍රාව 
ඔබ සොයා පදවන්නෙමී.....
ඔබ නිසා පදවන්නෙමී.....
ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා...
ඔබ සිටින ගොඩබිමේ 
මන් ලකුනු දන්වන්න...
නැන්ගුරම් ලන තැනක 
පෙනෙන සේ ඔබ ඉන්න....
වෙරළ වෙත සැපත් මා 
දෝතපා පිළිගන්න සිනාසී....
දුර්ගවූ ගමන්මග 
විඩාගිනි දුරලන්න......
යාත්‍රාව පදවන්න 
මා සමග එක් වන්න.....






0 ළබැදි අදහස්:

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි