මහා වැස්සක් වැහැලා කළුවෙලා තිබුණු මුළු අහසම දැන් නිල් යායක්.ඒ අහස් කුසේ පුන්සඳ පායලා වෙනදාටත් වඩා එළිය දෙනවා.පුංචි පුංචි දේටත් නෝක්කාඩුවෙන නුඹේ හිත පණටත් වඩා ආදරය දෙනවා කියලා මම දන්නවා. නෝක්කාඩුවට පස්සේ ඉගිකරන නුඹේ ඔය මුහුණු ඒ සඳ එළියටත් වඩා මට එළියයි.ඉතිං සැකක් බියක් ඇති වුණත් නුඹ වෙනුවෙන් මගේ හදේ ප්රේමය හැමදාමත් පිවිතුරුයි.
මහ වරුසාවට පසුව නෑගෙන සඳ
වෙනදාටත් වෑඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වෑඩියෙන් එළියයි . . .
