෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2019/01/23

~~සුදු මැණික~~


"අඩන්න එපා සුදු මැණික..."
  "දැන් ඇඩුවා ඇති නේද........" ..මම කිව්වෙ දහස් වෙනි වතාවට වෙන්න ඇති...වෙනද වගේනම් නෙවෙයි අද සුදු මැණික ගොඩක් හිතුවක්කාර වෙලා.......
මං කවදාවත් කැමති උනේ නෑ සුදු මැණිකගෙ කදුලු දකින්න.....ඒත් ඒ කදුලු වලට හේතුව වුනෙත් මං....
..........................................................................
"සුදු මහත්තයෝ....කවදාවත් මේ අහිංසක හිතට දුකක් දෙන්නෙ නෑ නේද....හැමදාම ආදරෙන් මාව බලගන්නවා නේද..මගේ මුලු ජීවිතේම දැන් ඔයා විතරයි..."
      ඒ මම ජීවිතේ මුල්ම පාරට ආදරවන්තයෙක් වුන දවස..මං අවුරුද්දක් විතර කට්ටක් කෑව ඕක අහගන්න....
මට ඕන ආදරේ ඒ දුප්පත් අහිංසක ඇස් දෙකේ ඕන තරම් තිබ්බා...
  "ඔව් සුදු මැණික ඔයා මගේ...මගේ මුලු ජීවිතේම ඔයා..කදුලු දෙන්නෙ නෑ ඔය ඇස් දෙකට කවදාවත්....."
පොරොන්දු වුනේ ඒ විදියට....අහිංසක හිතක ආදරයක් හොයපු මට සුදු මැණිකගෙ ආදරේ ඉස්සරහ වෙන කිසිම දෙයක් මතක් වුනේ නෑ..
   

හැමදාම උදේම නැගිට්ට ගමන් මං මගේ කාමරේ ජනේලය ඇරියෙ ඈත ගුරුපාරෙ කිරිබෝතල් දෙකත් තුරුල් කරන් වලව්වට දුවගෙන එන මගේ පුංචි සමනළී...සුදු මැණික බලන්න.........පාට පාට මල් වැටුන කොට ගව්මකුත් ඇදන් හරිම හුරතල් විදියට සුදු මැණික වලව්වට ආවේ මගේ මුලු දවසම සතුටින් පුරවමින්..
මං හොයපු ජීවිතේම නේද මේ.........මගේ හිතටම මං කියාගත්තා....
සුදු මැණික එක්ක ජීවිතේ ගැන සිහින මවමින් ඉන්නකොට තමයි වෙනද වගේ කිරි වීදුරුව අරන් සුදු මැණික මගේ කාමරේ ට ආවේ......
මං නිදි වගේ හිටියේ පොඩ්ඩක් රවට්ටන්න හිතාගෙන...කිරි වීදුරුව පැත්තකින් තිබ්බ සුදු මැණික වටයක් කැරකුනේ හරිම සැහැල්ලුවෙන් ......තවත් ඇස් වහගෙන බොරුවට ඉන්න මගේ දගකාර හිත ඉඩ දුන්නෙ නෑ....පැනපු ගමන් මං සුදු මැණිකව තුරුල් කර ගත්තා........
"සුදු මහත්තයෝ... කව්රුහරි එයි දෙයියනේ..." ඒ අහිංසක ඇස් බයවෙලා...
"ඉතින් ආපු දෙන්...සුදු මැණික මගේ නේ......"
මගේ දගකාර සිතුවිලි නිදහසේ ගලාගෙන ගියා..පපුවට තුරුල් වෙලා හිටපු සුදු මැණිකගෙ කම්මුලට ලං වුන මම මගේ ආදරයේ අයිතිවාසිකම් බුක්ති වින්දේ
හෙට දවසේ අලුත් බලාපොරොත්තු සමගින්..
" මට බයයි සුදු මහත්තයෝ.....මං මේ පනින්නේ ගිණි ගොඩකට...මට දුක් වෙන්න වෙයි සුදු මහත්තයෝ ...."
"අප්පච්ච්ල අපිට කැමති වෙයි සුදු මැණික "
"බය වෙන්න එපා......."
"ම්ම්ම්ම්........."
"අපිව වෙන් කරන්න කාටවත් බෑ සුදු මැණික...අපි අපේ..."
මං කිව්වේ ඇත්තටමයි.....
.........................................................................
රන්දුනු සිහිලැල් සූරියබණ්ඩාර....
        ඒ මම...   සූරියබණ්ඩාර පරම්පරාවේ ඒ කියන්නේ අපේ වලව් පෙලපතේ අවසාන පුරුක ......බාප්පලා මහප්පලා හැමෝටම හිටපු එකම කොල්ලා මං විතරක් වගේම පරම්පරාවේ අනිත් සේරම කෙල්ලො..
ඉතින් ඒ හැමෝගෙම බලාපොරොත්තුව උනේ මම..ගොඩක් වෙලාවට ඒ හැමෝම උත්සහ කරේ එයාලගෙ හිතේ තිබුන බලාපොරොත්තු මං ලවා ඉශ්ටකරගන්න...ඉතින් මට නිදහසක් තිබ්බෙ නම් නෑ දන්න කාලෙකින්..
                 අප්පච්චිල ගෙව්වේ ගොඩක් කාර්‍යබහුල ජීවිතයක්...ඉඩකඩම් දේපල පව්ලේ බිස්නස් අතරේ අපේ ජීවිත ගලා ගෙන ගියේ හරිම නීරස විදියට....මට ඕන උනේ සරල ජීවිතයක්....ඒත් හිතන තරම් ඉඩක් ඒකට මට ලබුනෙ නෑ...
මං මගේ නිදහස හොයාගෙන ගියා..සල්ලි කියන්නෙ ජීවිතේම නෙවෙයි..ජීවිතේ කියන්නෙ සතුට.......සැනසීම.....ආදරය එක්ක කවලම් වුන උතුම් බැදීමක්...ඒ මගේ රත්තරන් අම්මගෙ අදහස්......
අප්පච්චිගෙ කාර්‍යබහුල ජීවිතෙන් ගොඩක් හෙම්බත් වෙල හිටියෙ මගෙ අම්මා.....
පරම්පරාවේ ලොකු දේපලකට උරුමකම් කිව්වට මගේ අම්මා ඒව පොඩ්ඩකටවත් ගනන් ගත්තේ නෑ......අම්ම ගෙව්වේ වෙනස්ම ජීවිතයක්....
ගෙදර කුස්සි අම්මගෙ එකම දුව ශාක්‍යා.......
ඒ කියන්නේ මගේ ආදරේ..මගේ සුදු මැණික............................
අප්පච්ච්ල නම් මැරුවත් මේකට කැමති වෙන්නෙ නෑ..ඒ ඇත්ත පිලිගන්න මගේ හිත ඉඩ දුන්නෙම නෑ.........සුදු මැණික මගේ ආදරේ නිසා දුක් වින්දෙ ඒකට....
අපේ ආදරේ මගේ සුදු අම්මා දන්නවදෝ කියලත් වෙලවකට මට නොහිතුනා නෙවෙයි..
කොහොමහරි අපේ ජීවිතේ ගෙවිල ගියේ හරිම ලස්සනට..සුදු මැණිකයි මායි ජීවිතේ අපේ අනාගතේ ගැන ගොඩක් හීන මැව්වා...හැබැයි ඒ හීන ලෝකෙ වැඩිකාලයක් නිදහසේ ඉන්න අපිට වාසනාව තිබ්බෙ නම් නෑ...
.........................................................................
"තෝ අපේ පව්ලෙ නම්බුව කෑවා...තොට මේ රටේ වෙන ගෑනු හිටියෙම නැද්ද"
"උඹ අපේ පරම්පරාවේ එකම කොල්ලා.උඹට ඕන විදියට නෙවෙයි මේව මට ඕන විදියට වෙන්න ඕනේ..."
"යකෝ උන් අපේ සේවකයො...අපිට පුළුවන්ද  උන්ට නෑකම් කියන්න..."
"සුදු පුතා උඹ දැනගනින් උඹට ඕන විදියට නෙවෙයි මේව වෙන්නේ මට ඕන විදියට "
අප්පච්චිගෙ අන්තිම තීරනේ උනේ ඒක..
අප්පච්ච්ල එයාලට ඕන දේවල් කොහොමහරි එයාලට ඕන විදියටම කරගන්න අය.නම්බුව රැක ගන්න නොකරන දෙයක් නෑ...සල්ලි බලය ඕනතරම් ....
වෙලාවකට මට සුදු මැණික ගැන බයකුත් හිතෙනවා...මං නිසා ලොකු කරදරයක් වුනොත්..........
එතනින් එහාට මං මුකුත් හිතන්න ගියේ නෑ...මොකද හිතන්න මට මගේ හිත ඉඩ දුන්නේත් නෑ...
පොඩ්ඩක් හරි හිත හදාගන්න ඕන නිසා තමයි මං හවස පාර්ක් එකේදි සුදු මැණිකව හම්බ වුනේ...
ඒත්...මාව දැක්ක වෙලාවෙ ඉදන් පපුවට තුරුල් වෙලා අඩනවා.....මං හිමීට සුදු මැණිකගෙ ඔලුව අත ගෑවා....
ඉකිබිදුම අතරින් ඔලුව උස්සල අහිංසක විදියට මගේ මූණ දිහා බලන් ඉන්නවා...
මුලු ලෝකෙම අමතක වෙන ආදරණීය බැල්ම...
"අඩන්නෙපා සුදු මැණික ...."
මං කිව්වේ ත් ගොඩාක් දුකින්.....
"මං කිව්වා නේ සුදු මහත්තයෝ ඔයාටයි මටයි දුක් විදින්න වෙයි කියලා..."
"මට ඔයා ඕන සුදු මැණික " මට කියගන්න පුළුවන් වුනේ එච්චරයි ....වේගෙන් ආපු වාහනයක් එකපාරම අපි ඉන්න තැන බ්‍රේක්  කරා..සුදු මැණික වගේම මාත් ගැස්සිලා බැලුවා....
"දෙයියනේ හාමු මහත්තයා "
සුදු මැණිකට කෑගැස්සුනා...
"අප්පච්ච්"
මට බය හිතුනෙ සුදු මැණික ගැන..
"උඹට සිංහල තේරෙන්නේ නැද්ද මිනිහෝ"
"අනේ අප්පච්ච් මේ මගේ ජීවිතේ ...සුදු මැණික මට ඕනේ...අනේ මගේ අප්පච්ච් මට සුදු මැණික නැතුව බෑ....ප්ලීස් අප්පච්ච් ..."
මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි ...අප්පච්චිගෙ වේගවත් කම්මුල පාරට මාව වීසි වෙලා ගියා...
"අනේ මගේ සුදු මහත්තයෝ " කියල කෑ ගහගෙන සුදු මැණික මගේ ලගට එන්න හදනකොටම ...
"උඹ කව්ද මගේ කොල්ලට සුදු මහත්තයා කියන්න....තොපිට කන්න අදින්න ඉන්න හිටින්න දුන්නටද යකෝ මෙහෙම කරේ අවජාතක හැතිරි...."
කියල වේගෙන් අප්පච්ච් සුදු මැණිකව තල්ලු කරල දැම්මා..
මං අමාරුවෙන් නැගිටල එන්න හදනකොටම අප්පච්චිගෙ සහචරයෝ මාව අල්ලලා වාහනේට දාගත්තා.....
සුදු මැණික බිම වැටිල ඉන්නකොටම මට ඒක බලාගෙන ම යන්න සිද්ද වුනා....
"යකෝ අර වැටිල ඉන්නෙ මගේ පණ"
මං කෑ ගහල කිව්වා..එත් කව්රුත් ඒක කණකට ගත්තෙ නෑ....
මං වාහනේ දෙවනත් වෙන්න කෑගැහුව..අසිහියෙන්...අප්පච්ච්ටත් බැන්න..හොද නරක හරි වැරැද්ද මට ඒ වෙලාවෙ තේරුනේ නෑ....සුදු මැණික අසරණ වෙලා බිම වැටිල හිටපු හැටි විතරයි ඔලුවෙ තිබ්බෙ ...කෙල්ලට මොනා උනාද මගේ ඔලුව විකාර උනා
ගෙදර ආපු ගමන් මං ගේ ඇතුලෙ කෑගැහුවා..යන්න හැදුවා..ඒත් මගේ දුක අහන්න කව්රුත් හිටියෙ නෑ...අම්ම කිව්වේ එක දෙයයි..."  කලබල වෙන්න එපා රත්තරනේ .."අම්මා ඉන්නවා නේ".......
අප්පච්චිගෙ මූනේ තිබ්බෙ බැරෑරුම් ස්වරූපයක් ....ඒ හැගීම් මට ඇති කරේ බයක්.....අප්පච්ච් නිකන් ඉන්නේ නම් නෑ..මගේ හිත කිව්වා...
"අනේ අම්මේ මගේ සුදු මැණිකට මොකද දන්නේ නෑ"
අම්ම කිව්වේ බය වෙන්න එපා කියල විතරයි..ඒ බැල්ම මගේ හිතට ශක්තිය ඇතිකරා....
අප්පච්ච් අම්මටත් බනිනවා...ඒත් අම්ම නිහඬ යි...
වෙලාව රෑ 12 යි..මට නින්ද ගියේම නෑ..සැරින් සැරේ මතක් වෙන්නෙ සුදු මැණික...
කාමරේ ඉන්න බෑ මට...මං හිමින් සැරේ පහලට ආවා..අප්පච්චිගෙ කාමරේ ලයිට් දාලා..මං හිමින් සැරේ කුස්සියේ දොරින් පිටත් වුනා..එලියට ඇවිත් බලනකොට අප්පච්චිගෙ සහචරයන් මිදුලේ..උන් කොහේහරි යන්න ලෑස්තියි...උන් බයික් වලින් පිටත් වුනා...මන් හොරෙන් ගේට් එකෙන් පිටත් වෙලා සුදු මැණිකලගේ ගෙදර පැත්තට හැරුනා...මීටර් 100 ක් විතර යනකොට වේගෙන් එන වාහනයක සද්දේ ඇහුනා මට..මං පොඩ්ඩක් පාර අයිනට වුනේ මාත් ආවෙ හොර හමනක් හින්ද....වේගෙන් ආපු වාහනේ මාව පාස් කරන් විදුලි වේගෙන් ගියා..
මගේ හිත ගැස්සුන තරම්...
මං ඉක්මනින් ගේ පැත්තට යන්න පිටත් වුනා..වචනයෙන් කියන්න බැරි හැගීමක් හිතේ හිරවෙලා.....
මට වෙනසක් දැනුනා..
මිනිස්සු කලබලයෙන් දුවනවා...සුදු මැණිකගෙ ගේ පැත්තට"දෙයියනේ මුලු ගෙදරම එකම ගිනි ජාලවක්.."..මගේ සුදු මැණික කෝ.....".මං පිස්සෙක් වගේ කෑ ගහගෙන ගේ පැත්තට දිව්වා..මුලු ගෙදර ම ගිනි ගන්නවා..මාව කට්ටිය අල්ල ගත්තා.
මගේ සුදු මැණික කෝ..මට සුදු මැණික බලන්න ඕනේ..කෝ මගේ කෙල්ල...කෝ"
"ඔයාට බෑ සුදු මහත්තයා දාල යන්න ඔයාට බෑ"...
මං කෑගැහුවා...මට මතක එච්චරයි ...
සිහිය එනකොට මං හිටියෙ ගෙදර
මගේ කාමරේ මගේ අම්මා මගේ ඔලුව අතගානවා...
මට එක පාරටම සේරම මතකයට ආවා..අම්මේ මගේ සුදු මැණික කෝ අම්මේ  කියල මං වියරුවෙන් වගේ අම්මගෙන් ඇහුවා...මන් ඇදෙන් පැනල ගියේ අප්පච්චිගෙ කාමරේට..
"අප්පච්ච් මොකක්ද ඒ අහින්සක කෙල්ලට කරේ..මොකක්ද ඒ කෙල්ල කරපු වැරැද්ද .."
මං කෑගැහුවා...අප්පච්චගේ ඇස් වල තිබ්බෙ කපටි හිනාවක්..
"අප්පච්ච් මේ පව් ගෙවන්න වෙයි ඔයාට"
මට මුකුත් හිතාගන්න බැරි වුනා..කරන්නේ මොකක්ද වෙන්නෙ මොනාද මට කිසි දෙයක් වැටහුනේ නෑ......
"අනේ මගේ සුදු මැණික.."
පොලීසිය ඇවිත් පරීක්ෂණ කරල තිබ්බා..ගේ එකම අලු ගොඩක්...අන්තිමට තීරණය වුනේ   ස්වාභාවිකව ඇතිවුන ගින්නක් කියල...සුදු මැණිකගෙ යි අම්මගෙයි බොඩීස් හොයාගන්නත් බැරි උනා...
ඉතුරු වුනේ ජීවිතයේ හිස් බවක් විතරයි ..ඇති වෙනව නැති වෙනවා..විදිනව,විදවනවා....මේ දවස් දෙක තුන මං හිටියේ ඇවිදින මළමිණියක් වගේ..
හුස්ම ගන්න එකත් වේදනාවක් වුනේ මට..හැම තැනම මට පෙනුනෙ සුදු මැණිකගෙ අහිංසක ඇස්...
ගෙදර වගේම ගෙදර මිනිස්සුත් මට දකින එකත් එපාම උනා.....
දවස් 5 ක් විතර මේ විදියට ගෙවිල ගියා...මං ජීවත් වුනේ ජීවත් නොව්නාගානට...අප්පච්ච් මොකක්හරි දේකට කලබල වෙලා..
බොහොම කල්පනාකාරීව වැඩ කරනවා කියලයි මට හිතුනේ...
.........................................................................
මං කාමරේට වෙලා හිටියෙ මට කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරි නිසා...
අදට හරියටම දවස් 7 යි...
පරණ මතකයන් එක්ක මට මගේ හිත හදාගන්න බැරි තත්වයක මම හිටියේ....
ගෙදරට වාහනයක් එන සද්දේ ඇහුනා....ඒ අම්මගේ වාහනේ..උදේම ගෙදරින් පිටත් වෙලා ගිය අම්මා ගෙදර ඇවිත් තිබුනා..
අම්මා කෙලින්ම ආවේ මගේ කාමරේට ..
අම්මා දැක්කාම මට ආයෙත් කෑගහල ඇඩුම් ආවා....අම්මාගේ මූනේ තිබ්බේ අලුත් බලාපොරොත්තු ........
" අම්මේ මං මොකක්ද අම්මේ කරන්නේ ...සුදු මැණික වෙනුවෙන් මං සාදාරණයක් කරන්න ඕනෙ....." මං කිව්වේ අම්මගෙ ඇස් දිහා බලාගෙන මට උදව් කරන්න කියල නොකිය කියමින්....
"මගේ සුදු පුතා ලෑස්ති වෙන්න හෙට යන්න."
"කොහේද මං යන්නේ"
"දුර ගමනක්"
"ඔව්ව්ව්ව්" ඒ අම්මගේ ස්තිරසාර හඩ.....
" ඕස්ට්‍රේලියාවේ පුංචි ලගට "
"අනේ අම්මේ ....සුදු මැණික දාලා මං කොහේවත් යන්නෙ නෑ"
අම්මා හිනා වුනා.........මට මේ මුකුත් හිතා ගන්න බෑ..අම්මාගෙ හැසිරීම
"සුදු පුතා යන්නේ සුදු මැණික එක්ක...."
"මොකක්.....මොනාද අම්මා මේ කියවන්නේ.."
මට මේ මුකුත් හිතාගන්න බැරි උනා...අම්මා මොනාද මේ කියවන්නෙ..සුදු මැණික මාව දාල ගියේ නැද්ද එතකොට.......
"මොකක්ද වුනේ අම්මේ "
අම්මා දිග සුසුමක් පිට කරා....
" සුදු මැණිකගෙයි..මගේ සුදු පුතාගෙයි සම්බන්ධ ය මං දැන ගත්තේ මාස 6 ටත් කලින්....මං දන්නවා කවදාවත් අප්පච්ච් මේකට ඉඩ දෙන්නෙ නෑ කියල.....මං දන්නවා පුතේ ඔයාගේ ආදරේ තරම......ජීවිතේ කියන්නෙ මොකක්ද කියල මං දන්නවා..පුතාගෙ සතුට සුදු මැණික ලග කියල මට අමුතුවෙන් කියන්න ඕන වුනේ නෑ"
අම්මා දිගටම කියාගෙන ගියා.......
"මං හිටියේ ගොඩක් අවදානයෙන්...අප්පච්ච්ගෙ තිබබා ලොකු සැලස්මක්....."
" ඒත් ඒ සැලසුම් මං කලින් දැන ගත්තා..අප්පච්ච් සුදු මැණිකගේ ගෙට ගිනි තියන්න කලින් මන් චූට් මාමාගෙ උදව්වෙන් අම්මවයි සුදු මැණිකවයි ගෙදරින් එලියට ගත්තා...."
" මේ දේවල් මෙහෙම වෙනවා කියල මං දන්නවා සුදු පුතේ ...ඒකයි මං මේක දැනගත්ත දවසෙ ඉදන් මේ සේරම ලෑස්ති කරේ....පුතාටයි සුදු මැණිකවයි පුංචි බලගනි....."
"සේරම ඩොකියුමන්ට්ස් රෙඩි....වෙලාවට සුදු මැණික එයාර් පෝර්ට් එකට එයි...."
"එතකොට සුදු මැණිකගෙ අම්මා..."
"ඒව සේරම හරි පුතේ..."
"සුදු මැණික මේව දන්නවද "
අම්ම ලස්සන ට හින වුනා....
"මං කියල ආවේ පුතේ...කෙල්ලට හරි සතුටුයි..."
"හෙට අප්පච්ච් උදේම කඩුවෙල පැක්ට්‍රි ඕපනින් එකට යනවා....නිදහසේ අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් "
මං මේ දකින්නේ හීනයක්ද..මට හිතා ගන්නත් බෑ.............නැතිවුන බලාපොරොත්තු ආයෙත් ඇති වෙලා.....මරණයෙන් නැගිට්ටා වගේ හැගීමක් මට ආවේ....අලුත් බලාපොරොත්තු සිතුවිලි අලුත් හැගීම් එක්ක මගේ හිත ආයෙත් පිරිල ගියා...
"මං බලාපොරොත්තු වුන ජීවිතේ නේද මේ........"
බලාපොරොත්තුවේ අලුත් දවසකට පියවර තබන බලාපොරොත්තුවෙන් මං මගේ අම්මට තවත් තුරුල් වුනා.........
                                                  නිමි........
~~උපුටා ගැනීම නිමිත් සංජය මහතන්තිලගේ ෆේස්බුක් පිටුවෙන්~~


0 ළබැදි අදහස්:

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි