සීත මීදුම් ගලන
තරැ මැරැණ රෑ අහස.....
තුරැල් වී ගණ අදුර
සුසුම්ලයි,සිතගාව....
ලේ මිදුන
මගෙ ලොවට,
අරැණැල්ල වි එන්න
නිදි කිරන හිරැ නොයෙයි.
මොහොතකට,
සැනසෙන්න.....
පැතූ සිහිනය බොදව
මගේ පා පාමුලම
ඉකිගසයි ජීවිතය
මගෙන් මගෙ දිවි යදින
හඩනු බැරි නිසාවෙන්
ලෝකයට ඇසෙන්නට
බලා සිටිනෙමි තවම
මම මගේ හිත ගාව
මගේ ආත්මය ලගම
හිද දැවටි නොයන්නට
ඇවැසිනම් රැදෙන්නට
ඉඩ හරිමි මගේ හද
බලා සිටියත් තවම
මම දුරයි නොවෙද තව
තරහ නෑ සදේ මම
මට හුරැයි මේ තනිය
3 ළබැදි අදහස්:
අනුරාධ, ඔයගේ මේ පෝස්ට් එක මට කියවන්න බෑනේ. පින්තූරය නම් ලස්සනයි... අනේ ඒක නිවැරදි කරන්න. කවිය කියවන්න ආසයි.
මම හිතන්නෙ දැන් හරි
"තනිකමක් ලඟ ඉදන්
කියන කවි රස මවන්
තනි වෙච්ච හිත් මතින්
පවන් සලලා ගොසින්.....
තව තවත් කවි වැල් ගොතන්නට
හිත් අගට ගෙත්තම් කරන්නට
දහස් ගව් දුර පිය මනින්නට
පතමි බල වෙර වීරිය ලැබෙන්නට...."
මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...