෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/06/21

නුඹ මට ලැබේ නම්.....


"නුඹ මට ලැබෙනවා නම්...
හිරු දෙවිඳු වඩින විට,
තිසා වැවු දියෙන්
දෝවනය වී මං,
සිරි මහා බෝධියට
සත් දිනක්
කිරිපිඬු පුදන්නම්....
රන්මැලි සෑ මලුව
පංච පියුමින් සරසවා
නුඹ නමට සෙත් පතන්නම්...
සමන් මල් නෙලාගෙන
ඔබෙ දෙපාමුල හොවා,
නුඹට පෑගුන දුහුවිලෙන් මං
නළල ඔපවත් කරන්නම්.....
නිහඬ වණ අරණකට වී,
බවුන් වඩනා මෙහෙනියක මෙන්
නුඹ වෙත පුදා මුලු දිවිය
නුඹේ ඇස් ඉදිරියේ මියෙන්නම්......"

2 ළබැදි අදහස්:

කෝඩුකාරයා said...

ලස්සන පද ගැලපුමක්............

Unknown said...

ස්තූතියි ගොඩාක්... 'කේ'

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි