මහා වැස්සක් වැහැලා කළුවෙලා තිබුණු මුළු අහසම දැන් නිල් යායක්.ඒ අහස් කුසේ පුන්සඳ පායලා වෙනදාටත් වඩා එළිය දෙනවා.පුංචි පුංචි දේටත් නෝක්කාඩුවෙන නුඹේ හිත පණටත් වඩා ආදරය දෙනවා කියලා මම දන්නවා. නෝක්කාඩුවට පස්සේ ඉගිකරන නුඹේ ඔය මුහුණු ඒ සඳ එළියටත් වඩා මට එළියයි.ඉතිං සැකක් බියක් ඇති වුණත් නුඹ වෙනුවෙන් මගේ හදේ ප්‍රේමය හැමදාමත් පිවිතුරුයි.
මහ වරුසාවට පසුව නෑගෙන සඳ
වෙනදාටත් වෑඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වෑඩියෙන් එළියයි . . .
ඈළ දොල පාමුල ගොලුවුනු ගීයකි
අප හදවත් බෑඳි සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතෑවේ . . .
මහ වරුසාවට . . .
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වෑඩියෙන් සුවඳයි
විටකදි නෑඟුනත් සෑක බිය ශෝකය
පිවිතුරු ප්‍රේමය හද උතුරයි . . .
මහ වරුසාවට . .
2 ළබැදි අදහස්:
මනූ සින්දුව ලියන්න කලින් තව ටිකක් ලීවනම් හොදයි. මොකද ලියපු එ ටිකත් ලස්සනයි...
@sumudu nisha:- හ්ම්ම්... හොද අදහසක්.ස්තුතියි.. ආ... කොමෙන්ට් එකට ලයික්
මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...